ausi

ඕස්ට්‍රේලියානු රජය මඟින් පිරිනමනු ලබන පශ්චාත් ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම.

 ඕස්ට්‍රේලියානු රජය මඟින් ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි මට්ටමේ ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත.

02) මෙම ශිෂ්‍යත්ව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික ආයතන වල සේවයේ කරනු ලබන නිලධාරීන් සඳහා ලබා දෙනු ලබන අතර එම ශිෂ්‍යත්ව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පහත සඳහන් පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • දිනය            -            2019 මාර්තු 18             
  • වේලව            -            පෙ.ව. 10.00    
  • ස්ථානය -           දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන රැස්වීම් ශාලාව

03) ඉහත දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඔබ ආයතනයේ/ අංශයේ මේ සඳහා උනන්දුවක් දක්වන නිලධාරීන් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.australiaawardssrilanka.org යන වෙබ් අඩවිය වෙත පිවීසීමෙන් ලබා ගත හැකි අතර

එම නිලධාරීන්ගේ පැමිණීම 2019.03.15 වන දිනට පෙර australiaawardssrilanka මෙම යොමුවට ගොස් තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

50257022 486952608495719 2721774788983914496 n52596008 507220439802269 2757374020553801728 n

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරණ ග්‍රාමශක්ති වැඩසටහනේ දකුණු පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019.02.21 දින පෙ.ව.10.00ට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
අතිගරු ජනාධිපතිතුමා විසින් ගාල්ල,මාතර,හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රගතිය විමසා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමශක්ති වැඩසටහනේ ප්‍රජාපාලිත ගම්මානයක්වන ජූල්පල්ලම ග්‍රාම නිලධාරී වසමේ සංචාරය කර ගැටලු සොයා බැලීමට නියමිතය.
මෙම අවස්ථාව සදහා දකුණු පලාත නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු හා පලාත් සභා මැති ඇතිවරුන්, දකුණු පලාත් ආණ්ඩුකාරතුමා, ගාල්ල,මාතර,හම්බන්තොට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු,ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරු,ප්‍රාදේශීය ලේකම්වරු. දකුණු පලාත් ප්‍රධාන ලේම්තුමා ඇතුලු පලාත් සභා නිලධාරින්,ඇතුලු පිරිසක් සහභාගිවීමට නියමිතය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිශ්චන්දර මහතා සහභාගිවන "සිහින සිත්තම " ගුවන් විදුලි වැඩ සටහන 2019.01.04 සිකුරාදා ප.ව.7-8 දක්වා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයෙන් බලා පො රොත්තු වන්න.

49115874 478897865967860 8114944881606000640 n

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් 2019 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම අද දින (01) පෙරවරුවේ 8.30ට ජාතික ගීය ගායනා කර රාජ්‍ය සේවා දිවුරුම ලබා දීමෙන් සිදුවිය. මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ සියලු නිලධාරීන්ද මේ අවස්ථාවට එක්විය.
අනතුරුව මහා සංඝ රත්නය විසින් සෙත් පිරිත් දේශනා කර සියලු දෙනාට ආශිර්වාද කෙරිණි.සියලු දෙනා එක්ව කිරි බත් අනුභව කිරීමෙන් පසු දිස්ත්‍රික් ලේකම්තුමාගේ නව අවුරුදු සුභ පැතුම් එක් කිරීමේ අවස්ථාවට එක්විය.

b1

b2

b3

b4

b6

ආබාධිත සහිත තැනැත්තන් සඳහා ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සමාජ සේවා අමාත්‍යංශය හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයත් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් එක්ව සංවිධානය කරන කළ ආබාධ සහිත තැනැත්තන් සවිබල ගැන්වීම සහ අන්තර්කරණය හා සමානාත්මතාවය තහවුරු කෙරෙන වැඩසටහනක් මාගම් රුහුණුපුර පරිපාලනසංකීර්ණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදදී පැවැත්විණි.මෙහිදී දිස්ත්‍රික්කයේ සිටින ආබාධිත දරුදැරියන්ගේ කලා කුසලතා එලිදැක්වීමක්ද සිදුවිය.

2017 වසරේ පැවති පාසල් කඩයිම් මඟින් උසස් ලෙස සමත් වූ ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත් ලබා දීම ද මෙහි දී සිදුකෙරිණි. ඒ අනුව 2018 පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් සහ2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත් ලබා දීම සිදු කෙරිණි
මෙම වැඩසටහන තුළින් ආබාධිත තැනැත්තන්ගේ සුවිශේෂී දක්ෂතා සඳහා ඇගයීම් කිරීම සඳහා ත්‍යාග සහතික පත් හා මූල්‍ය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.දිස්ත්‍රිකයෙන් 1වන ස්ථානය දිනාගත් තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඪාශයේ නර්ථන කණ්ඩායමට සහ 2 වන ස්ථානය දිනාගත්සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නර්ථන කණ්ඩායමට විෙශ්ෂ ත්‍යාගයන් ප්‍රධානය කෙරිණි
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර , හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ.කේ.ඒසුනීතා,දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ එන්.ජී.ජේ.පී රෝහිත නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ජී.අමරසේන,යන මහත්ම මහත්මීන් හා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සහ ප්‍රා දේශීය සමාජ සේවා නිලධාරීන් , ආබාධිත දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

a1

a2

a3

a4

a5

a6

a7

a8

47421390 464219594102354 3189419529776136192 n

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල එච්.තිලකවර්ධන මහතා 2018.12.07 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාමයයි.1980 වසරේදී වාරිමාර් දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවෙකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කර අනතුරුව අනියම් වැඩ පරීක්ෂක වරයෙකුලෙසද කටයුතු කෙරිණි.1980 වසරේදීම මධ්‍ය ලිපිකරු විභාගය සමත්ව කටුවන ප්‍රාදේශීය උපදිසාපති කාර්යාලයේ ලිපිකරුවකු ලෙස කටයුතු කෙරිණ.ඉන්පසු පරිපාලන නිලධාරියෙකු ලෙස ඕකේවෙල ප්‍රාදේශීය උපදිසාපති කාර්යාලයේද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුව,ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කොළඹ,දකුණු පලාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය,සූරියවැව,හක්මණ හා ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්වල සේවය කෙරිණ.
අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස කටයුතු කර පරිපාලන සේවයේ සීමිත තරග විභාගයට පෙනීසිට ඉන් සමත්ව පරිපාලන සේවයට එක්ව කටුවන,වලස්මුල්ල,වීරකැටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර අනතුරුව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් හා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ අතර විශ්‍රාම යනවිට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කෙරිණි.
වලස්මුල්ල මුරුතවෙල ගමෙහි ඉපිද මුරුතවෙල කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ වලස්මුල්ල මහ විදුහලින් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යායලයෙන් උපාධිය ලැබඅනතුරුව රාජ්‍ය පරිපාලනය,කාර්යාල කළමණාකරණය,පලාත් පාලනය,සමාජ වැඩ යන විෂයන් පිළිබදව ඩිප්ලෝමා ලැබ ඇත.නීතිය පිළිබද බාහිර සිසුවෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වසරක අධ්‍යයනයක්ද කර ඇත.වසර 20ක් පලපුරුදු පුහුණුකරුවෙකු ලෙස ආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසි,විනය කාර්ය පටිපාටිය,කාර්යාල කළමණාකරණය,කාර්යාල ක්‍රම,බුද්ධි පරීක්ෂණ වැනි විෂයන් තුල දේශන පවත්වා ඇත.වසර 15ක සිට විනය පරීක්ෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම,නෝනගම සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෙළ බොජුන් හලක් ලබාදීම ඇතුලු වැඩ රාශියක් එතුමාගේ කාලයේදී සිදු කෙරිණ.රාජ්‍ය සේවයේ අලුත් ක්‍රමවේද ඔස්සේ ජනතා සේවා රාශියක් මෙම කාලයේදී ක්‍රියාත්මක කිරීමට තිලක වර්ධන මහතා කටයුතු කලේය.
(,දිස්ත්රිතක් මාධ්යම ඒකකය -.එච.බී ජනක ප්රදසාද් )

2018 වප් මගුල් උත්සවය තිස්සමහාරාම සදගිරිගොඩ වෙල්යායේදී

98101112

2018 සාහිත්‍ය කලා මහෝත්සවය වලස්මුල්ල ජාතික පාසලේදී ආරම්භ විය..

45200379 446401115884202 5136463595307008000 n45221886 446399275884386 208169875061866496 n45353128 446400359217611 777683268655906816 n

2018 සාහිත්‍යය කලා මහෝත්සවයේදී සම්මාන සහතික ප්‍රධානය සිදුකල අවස්ථාවක්

123

සාහිත්‍ය මහෝත්සවයේ ප්‍රදර්ශන කුටි දිස්ත්‍රික් ලේකම්තුමා නරඔමින්

567

 

At the end of the ten day training programme for Public Management Assistants' (class 1). The certificates for participants were issued by the Government Agent of Hambantota District...

43346220 705642853117872 8765647596774490112 n

43339943 705642793117878 4530593518300692480 n

43342710 705643216451169 5925021128450899968 n

පුවත් සහ සිදුවීම්