තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලටුපාන යුධ හමුදා කදවුරේ පැවැති ආපදා කළමනාකරණ වැඩසටහන.
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතාගේ හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂතුමාගේ මගපෙන්වීම යටතේ පුහුණුව හා දැනුවත් කිරීමේ වැඩසටහන් අතරින් සිදුවිය හැකි ආපදා අවස්ථාවකදි ක්ෂනික ප්‍රතිචාර දැක්වීමට සුදානම්ව සිටින තිස්සමහාරාම පලටුපාන යුධ හමුදා කදවුරේ නිළධාරින් සදහා පුහුණුව හා දැනුවත් කිරීමේ වසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් 2021.03.30 වන දින පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා 12 වන සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ප්‍රසන්න රණවක,122 බල සේනාංකාධීපති බ්‍රිගේඩියර් ජානක පල්ලෙකුඹුර යන මහත්වරුන් හා යුධ හමුදා නිළධාරින්ගේ පූර්ණ සහයෝගය හා දායකත්වය හිමිවිය. දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කමාන්ඩර් දීපාල් ජයතිලක මහතා ඇතුලු ආපදා කළමනාකරණ ඒකකයේ ගුවන් හමුදා නිළධාරින් පිරිසක් විසින් මෙම වැඩසටහන පවත්වන ලදි.

 45678910