ausi

ඕස්ට්‍රේලියානු රජය මඟින් පිරිනමනු ලබන පශ්චාත් ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම.

 ඕස්ට්‍රේලියානු රජය මඟින් ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි මට්ටමේ ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත.

02) මෙම ශිෂ්‍යත්ව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික ආයතන වල සේවයේ කරනු ලබන නිලධාරීන් සඳහා ලබා දෙනු ලබන අතර එම ශිෂ්‍යත්ව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පහත සඳහන් පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

  • දිනය            -            2019 මාර්තු 18             
  • වේලව            -            පෙ.ව. 10.00    
  • ස්ථානය -           දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන රැස්වීම් ශාලාව

03) ඉහත දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඔබ ආයතනයේ/ අංශයේ මේ සඳහා උනන්දුවක් දක්වන නිලධාරීන් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.australiaawardssrilanka.org යන වෙබ් අඩවිය වෙත පිවීසීමෙන් ලබා ගත හැකි අතර

එම නිලධාරීන්ගේ පැමිණීම 2019.03.15 වන දිනට පෙර australiaawardssrilanka මෙම යොමුවට ගොස් තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.