47421390 464219594102354 3189419529776136192 n

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල එච්.තිලකවර්ධන මහතා 2018.12.07 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාමයයි.1980 වසරේදී වාරිමාර් දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවෙකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කර අනතුරුව අනියම් වැඩ පරීක්ෂක වරයෙකුලෙසද කටයුතු කෙරිණි.1980 වසරේදීම මධ්‍ය ලිපිකරු විභාගය සමත්ව කටුවන ප්‍රාදේශීය උපදිසාපති කාර්යාලයේ ලිපිකරුවකු ලෙස කටයුතු කෙරිණ.ඉන්පසු පරිපාලන නිලධාරියෙකු ලෙස ඕකේවෙල ප්‍රාදේශීය උපදිසාපති කාර්යාලයේද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුව,ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය කොළඹ,දකුණු පලාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය,සූරියවැව,හක්මණ හා ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්වල සේවය කෙරිණ.
අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස කටයුතු කර පරිපාලන සේවයේ සීමිත තරග විභාගයට පෙනීසිට ඉන් සමත්ව පරිපාලන සේවයට එක්ව කටුවන,වලස්මුල්ල,වීරකැටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර අනතුරුව අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් හා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ අතර විශ්‍රාම යනවිට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කෙරිණි.
වලස්මුල්ල මුරුතවෙල ගමෙහි ඉපිද මුරුතවෙල කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ වලස්මුල්ල මහ විදුහලින් උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යායලයෙන් උපාධිය ලැබඅනතුරුව රාජ්‍ය පරිපාලනය,කාර්යාල කළමණාකරණය,පලාත් පාලනය,සමාජ වැඩ යන විෂයන් පිළිබදව ඩිප්ලෝමා ලැබ ඇත.නීතිය පිළිබද බාහිර සිසුවෙකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වසරක අධ්‍යයනයක්ද කර ඇත.වසර 20ක් පලපුරුදු පුහුණුකරුවෙකු ලෙස ආයතන සංග්‍රහය,මුදල් රෙගුලාසි,විනය කාර්ය පටිපාටිය,කාර්යාල කළමණාකරණය,කාර්යාල ක්‍රම,බුද්ධි පරීක්ෂණ වැනි විෂයන් තුල දේශන පවත්වා ඇත.වසර 15ක සිට විනය පරීක්ෂණ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇත. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නව තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම,නෝනගම සංස්කෘතික මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෙළ බොජුන් හලක් ලබාදීම ඇතුලු වැඩ රාශියක් එතුමාගේ කාලයේදී සිදු කෙරිණ.රාජ්‍ය සේවයේ අලුත් ක්‍රමවේද ඔස්සේ ජනතා සේවා රාශියක් මෙම කාලයේදී ක්‍රියාත්මක කිරීමට තිලක වර්ධන මහතා කටයුතු කලේය.
(,දිස්ත්රිතක් මාධ්යම ඒකකය -.එච.බී ජනක ප්රදසාද් )

News & Events