"AKAM - හම්බන්තොට දිස්ත්‍රික් සත් සාමාජික පාපන්දු තරඟාවලිය"

හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය සහ හම්බන්තොට පාපන්දු ඇකඩමි ක්රීඩා සමාජය හා එක්ව පසුගියදා හම්බන්තොට ලංකා සෝල්ට් ලිමිටඩ් ක්රීඩා පිටියේදී "AKAM - හම්බන්තොට දිස්ත්රික් සත් සාමාජික පාපන්දු තරඟාවලිය" සංවිධානය කෙරිණි.
 
හම්බන්තොට දිස්ත්රික්කයේ විවිධ ප්රදේශවලින් පාපන්දු කණ්ඩායම් මෙම අවස්ථාවට සහභාගී විය. මෙහි ශූරතාව හම්බන්තොට පාපන්දු ඇකඩමි කණ්ඩායම විසින් දිනාගත් අතර ජයග්රාහකයන්ට කුසලාන සහ ත්යාග පිරිනැමීම කොන්සල් ජනරාල් ඩිපින් පී.ආර්. මහතා අතින් විශේෂ ආරාධිත හම්බන්තොට දිස්ත්රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතා අතින් සිදුවිය.
 
ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලය මගින් හම්බන්තොට හා දකුණු පළාතේ ක්රීඩා ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු ප්රවර්ධනයට කටයුතු කරයි. නැගී එන නවක ක්රීඩක ක්රීඩිකාවන් අතර ක්රීඩාව කෙරෙහි පවතින උනන්දුව දිරිගැන්වීම සඳහා කොන්සල් කාර්යාලය දකුණු පළාතේ පාසල් සමඟ එක්ව කටයුතු සිදු කරති.
( දිස්ත්රික් මාධ්ය ඒකකය - හම්බන්තොට - එච්.බී.ජනක ප්රසාද් )